#Untitled
1 min readJul 5, 2017
තනිකම රජයන මගේ හදවත
සැරිසරයි සත් වසක මතකයන් අතර ඔබ එක්ක
මතක් වී ඔබෙ සොඳුරු ආදරය
නෙතු හඬයි මා කුමක් කරනුද…
නොදැන සිටියෙමි කෙසේ පවසම්ද
ඉතින් කිසිත් නොකිවුවෙමි ලොවට ඇසෙන්නට
උගෙන ගත්තෙමි මගේ පාඩම
පැවසිය යුතුව තිබුණි මගේ හදවත
ගලක් වූ ඔබ දකින මා නෙත
කඳුළු වගුරයි රකුසු ගංගාවක් විලස
සිතාගත නොහී කුමක් කරනුද
ඔබේ පින්තුරයක් දෙස බලා ඉඳිමි මම
දනිමි ඔබ නැති ලොවක කටුක බව
බලා ඉන්නෙමි පිළිගන්න ඔබ තිදෙනාම…
ඉතින් සොඳුරිය සිත මෙලෙක් කර තව
එක වරක් ඉවසන්න මේ මෝඩ කොල්ලව..